Sunday, 25 August 2019

වැරැද්ද මොකක්ද


වැරැද්ද මොකක්ද 

වසර ගනනාවකට මුලුල්ලේ සිට සොබාදහම විවිධාකාර පර්යේෂණ සිදුකර නව ජීවීන් හඳුන්වාදෙමින් ආ ගමන් මගේදී හටගත් එක් සාර්ථක නිදර්ශකයක් ලෙස මිනිසා ලොවට පයතබා ඇත.
 ආරම්භයේදීම Homo sapiens sapiens ලෙස නොවුනත් වසර ගණනාවක් තිස්සේ පරිනාමයේ ප්‍රතිඵලයක් ලෙස එයද සිදුව ඇත. 
සැකයක් නෑ සොබාදහම නම් වූ අපූර්ව නිර්මාපකයා මෙයට ලබා දුන් සහයෝගය පිළිබඳව. 
එලෙස දනගාමින් සිටි මානවයා දැන් දෙපයින් නැගී සිට ඔවුන්ගේම ගමනක් යමින් සිටී. 

මිල මුදල් බලය පසුපස හඹා යන මානවයා, නිර්මාපකයාගේ අනෙකුත් නිර්මාණ හෝ නිර්මාපකයා පිළිබඳව වත් කිසිදු තැකීමක් නොකර ගමන් කරයි. 
ලෝකයේ සමතුලිතතාවය රැකීම නිර්මාපකයාගේ කාර්යක්. 

නමුත් ආත්මාර්ථකාමී මානවයා "මූසිලයෙක්" ලෙස ක්‍රියා කරයි.
 ඔහු තමාගේ නිර්මාපකයාටම අභියෝග කරමින් ලොකය අසමතුලිත කරයි. 
නිර්මාපකයා මානව ගහනය සමතුලිත කිරීමට දැරුවද මානවයා විසින්ම එය බිඳ හෙළයි. 
නව සාර්ථක නිදර්ශකයක් ලෙස ලොවට දායාද කළ මානව සංහතිය දැන් ජීවී ලෝකයට පිලිකාවක් බවට පත්ව හමාරය. 
එදා නිර්මාපකයා ලෝකයට හඳුන්වා දුන් නිදර්ශකයකය අත්වැරදීමක් ද?. 
නිර්මාපකයාට තමාගේ සියලු පරීක්ෂණ ඉවත් කළහැකිය. 
නමුත් තවමත් බලාසිටී මානවයා හරි මාර්ගයේ යනතුරු. 
මා හට හැඟෙන්නේ නිර්මාපකයා බලාහිඳින්නේ තව ටික කාලෙකි.


1 comment:

  1. පළමු Blog එක
    පළමු Post එක
    වැරැද්ද මොකක්ද පෙන්නන්න හදාගන්නම්

    ReplyDelete